යජුර් වේදය

වෛදික සාහිත්‍යයට අයත් චතුර් වේදයන්ගෙන් එකක් වන යජුර් වේදයේ ශුක්ල(සුදු) හා කෘෂ්ණ(කළු) යනුවෙන් ප්‍රධාන කොටස් දෙකක් දක්නට ලැබේ. ඍග් වෛදික යුගයේ සිට ක්‍රමයෙන් විකාශය වෙමින් ආ ආර්ය සමාජය පිළිබඳව මෙම කෘතියෙන් අවබෝධයක් ලබා ගත හැක. ශුක්ල කොටසේ ගීතිකවන් ද කෘෂ්ණ කොටසේ එම ගීතිකාවන්ට අර්ථවිවරණ ද දක්නට ලැබේ. ක්‍රි. පූ 1000 – 800 කාලයේ දේශපාලන සංස්ථා වර්ධනය හැදෑරීමේ දී මෙම කෘතිය වැදගත් වේ.