මිලින්ද ප්‍රඤ්ඤ / මිලින්ද ප්‍රශ්නය

මෙය ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයක් වේ. නාගසේන නම් බෞද්ධ හිමි සහ මෙනැන්ඩර් හෙවත් මිලින්ද රජු අතර ඇති වූ සංවාදය පාදකකරගෙන ලියැවුණු කෘතියකි. නමුත් මෙහි කතුවරයා කවරෙක් ද යන්න පැහැදලි නොවේ. එය මෙම සත්‍ය සංවාදයෙන් කලකට පසුව සංග්‍රහ වන්නට ඇති බව පෙනී යයි.