භාස

ඉන්දියානු සාහිත්‍යධරයෙකි. ස්වප්නවාසවදත්තා නම් කෘතියේ කතුවරයා ය. දෘෂ්‍යකාව්‍ය රචකයෙකි. කාලිදාසට පෙරයුගයේ සිටියෙකැයි බෂාම් අනුමාන කරන නමුත් යුගය සඳහන් නොකරයි. (අසිරිමත් ඉන්දියාව 543 පිට.) ප්‍රතිඥායෞගන්ධරායන යනු ද ඔහුගේ කෘතියකි. වීර රසය උද්දීපනය වන ආකාරයට දෘෂ්‍ය කාව්‍ය රචනයට ඔහු දක්ෂයෙකු වී යැයි සඳහන් වේ.