බ්‍රාහ්මණ

  • පැරණි ඉන්දියාවේ පශ්චාත් වෛදික සමාජ බෙදීම් අනුව සමාජයේ ඉහළ ම කුලය යැයි සම්මත වූ කුලය. අනෙකු කුල වූයේ ක්ෂත්‍රීය, වෛශ්‍ය හා ෂුද්‍ර යන ඒවාය. බ්‍රාහ්මණිකයෝ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නේ යැයි ඔවුන් විසින් ම දක්වා ඇති අතර, සෙසු කුල පිළිවෙළින් මහා බ්‍රහ්මයාගේ බාහු වලින්, කලාවා වලින් හා යටි පතුලින් උපන් බව දක්වා තිබේ. ඒ ඒ කුල වලට විවිධ කාර්යයන් පැවරී තිබූ අතර බ්‍රාහ්මණයෝ ඉගෙනීම, ඉගැන්වීම,දන්දීම, දන් පිළිගැනීම ඇතුළු ඉහළ ම වරප්‍රසාද තමන් සතු කරගත් අතර රාජ්‍ය පාලනයට උපදෙස් දීම හරහා දේශපාලන වැදගත්කමක් හා බලයක් ද වර්ධනය කරගත්හ.
  • වේද සාහිත්‍යයේ කොටස් තුනෙන් එකක් ද මේ නමින් හැඳින්වේ.කෘති සමූහයකි. (සංහිතා, බ්‍රාහ්මණ, ආරණ්‍යක) සංහිතාවන්ගේ  අන්තර්ගත ගීතිකාවන්ට අර්ථ විවරණ සැපයීම උදෙසා කළ ගද්‍යමය කෘති විශේෂයකි. මෙම කෘති වලින් ආර්යයන්ගේ දාර්ශනික චින්තාවන්ගේ විකාශය මෙන් ම ඔවුන් ගංගා යමුනා තැනිතලාවේ පැතිර යාම පිළිබඳව ද අවබෝධයක් ලබා ගත හැක.