බෝගස්කොඋයි ලිපිය / බෝගස්කෝයි ලිපිය –  

ඉන්දීය ඉතිහාසය පිළිබද තොරතුරු සපයන පුරාවිද්‍යාත්මක මුලාශ්‍රයකි. මිතානි පාලකයන්ට සම්බන්ධ කෙටි ලිපියකි. මෙය ඉරානයේ උතුරු දෙසට වන්නට ලිහිටා ඇති ලිපියක් වුව ද ඉන්දියාවට ආර්යයන් සංක්‍රමණය වූ ආකාරය අධ්‍යයනයේ දී වැදගත් වන ලිපියකි. මිත්‍ර, වරුණ, ඉන්ද්‍ර, නාසත්‍ය දෙවිවරුන් සාක්ෂ්‍ය  කරගෙන හිටයිට් පාලක බිබ්ලි ලි – උමා හා මිතානි පාලක මත්ති ආසා අතර ඇතිවුණු ගිවිසුමක් සටහන් කර ඇති ශිලාලේඛනයකි. ක්‍රි. පූ. 1400ට පමණ අයත්ය.