නාණක මූලාශ්‍රය (ඉන්දියාව)

කාසි පිළිබඳ විද්‍යාව නාණක විද්‍යාව යි. එය රටක ඉතිහාසය හැදෑරීමේ දී අතිශය වැදගත් මූලශ්‍රය විශේෂයක් ද වෙයි. වෙළඳාම, ආර්ථික තත්ත්වය, පැරණි ඉන්දීය ජන ජීවිතය, යුධාක්‍රමණ, රාජධානි වර්ධනය හා බිඳවැටීම,  වැනි තොරතුරු රැසක් මේ මගින් අනාවරණය වේ. කාසි වල විවිධ රූපසටහන් හමු වන නිසා ඒවායින් රජුන්, වෙළඳ ප්‍රධානීන්, වෙළඳ ශ්‍රේණි, නාගරිකයින් ආදීන් පිළිබඳ තොරතුරු හෙළි වේ. රන්, රිදී, තඹ, ලෝකඩ ආදී වශයෙන් කාසි නිපදවීම සඳහා විවිධ ලෝහ වර්ග යොදාගෙන ඇති අතර ඒ මගින් ඒ කාලයේ ආර්ථීක තත්ත්වය ද අවබෝධ කරගතහැකි වේ. දේශීය හා විදේශීය කාසි රැසක් ඉන්දියාවෙන් හමු වේ.

මේ අතරින් බැක්ට්‍රියානු ග්‍රීක කාසි අතිශය වැදගත් ය. ශතවර්ෂ දෙකකට අධික කාලයක් පුරා වයඹදිග ඉන්දියාව පාලනය කළ බැක්ට්‍රියන් ග්‍රීක රජවරු පිළිබඳ තොරතුරු ඇති ඒක ම මූලාශ්‍ර වර්ගය මෙය වන නිසා අතිශය වැදගත් වේ. ඒ අතර වඩා ප්‍රකට වී ඇත්තේ දියෝඩෝටස්ට අයත් රන් කාසි වේග රෝමානු ශෛලියට නිපදවූ කුෂාණ කාසි ද වැදගත් වේ. ඒවාගේ බුද්ධ රූප හා දේවතා රූප ද ඇති අවස්ථා හමු වේ. කුජුල කැඩ්ෆයිසස්, කණිෂ්ක හා හුවිෂ්කට අයක් කාසි හමු වී තිබේ.

ගුප්ත කාසි ද අතිශය වැදගත් වේ. ගුප්ත කාසි වර්ග කිහිපයක් හඳුනාගෙන තිබේ.

  • දණ්ඩධර වර්ගය,
  • ධනුද්ධර වර්ගය,
  • පරශුව වර්ගය,
  • ව්‍යාඝ්‍රපරාක්‍රම වර්ගය,
  • වීණාවාදක වර්ගය,
  • අශ්වමේධ වර්ගය,

ආදී වශයෙනි.

ගුප්ත කාසි වලට අමතරව ගණරාජ්‍යයන්ට අයත් කාසි ද තිබේ. මාලව,  යෞදේව, මිද්‍ර, පංචාල, වැනි ගණ රාජ්‍ය පිළිබඳ තොරතුරු හෙළි කරන එක ම මූලාශ්‍ර වර්ගය වන්නේ නාණක මූලාශ්‍රය පමණි.