උපවේද

ලෞකික විෂයයන් පිළිබඳ අවධානය යොමු කරමින් ලියූ ග්‍රන්ථ විශේෂයකි. ඊට අයත් ආයුර්වේදයෙන් වෛද්‍ය විද්‍යාවත්, ධනුර්වේදයෙන් ධනු ශිල්පයත්, ගාන්ධර්ව වේදයෙන් සංගීතයත්, ශිල්පවේදයෙන් ගෘහනිර්මාණ ශිල්පයත් ඉගැන්වේ.