අශ්වඝෝෂ හිමි

මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ  භීක්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත. කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකත්වයක් දැක්වූ හිමි නමකි. බුද්ධ චරිතය, සෞන්දරානන්ද කාව්‍යය, සූත්‍රාලංකාරය, ශාරිපුත්‍රප්‍රකරණය, ශුද්ධෝත්පාද සූත්‍ර උන්වහන්සේගේ කෘතීන් වේ. නමුත් මෙතැනින් සූත්‍රාලංකාරය හා ශුද්ධෝත්පාද සූත්‍රය රචනා කළේ මේ නමින් ම සිටි තවත් භික්ෂූන්වන්සේලා දෙනමකැයි ද සඳහන් වේ.