අල්බිරුනි

අරාබි ලේඛකයෙකි. ඝස්නියේ තුරුකීන් විසින් ඉන්දියාවට එල්ල කළ ආක්‍රණය හා ජයග්‍රහණ පිළිබඳව මොහු ‘වංශකථාව’ නමින් කෘතියක් කළේය. සංස්කෘත බස ඉගෙන ගනිමින් ඉන්දීය සංස්කෘතිය පිළිබඳව ඉගෙනීමට ඔහු ගත් උත්සාහය ඔහුගේ කෘතියෙන් පිළිබිඹු වේ. එහෙත් ඉන්දියාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ උනන්දු නොවී ඉන්දීය සාහිත්‍යය හැදෑරීම පමණක් තුළින් සිය කෘතිය නිමවීම නිසා සමබරතාව ගිලිහී ගොස් ඇත.