අර්ථ ශාස්ත්‍රය

කෞටිල්‍ය හෙවත් චානක්‍ය නම් බ්‍රාහ්මණයාගේ කෘතියකි. චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ පුරෝහිත තනතුර හෙබවූ හෙතෙම විෂ්ණුගුප්ත ලෙස ද හැඳින්වේ. මොහුගේ මෙම කෘතිය මෞර්ය අධිරාජ්‍යයේ මුල් යුගය පිළිබඳ කරුණු සෙවීමට ඇති මුඛ්‍ය මූලාශ්‍රයක් සේ පිළිගැනේ. මෙය දේශපාලන හා ආර්ථීක ක්ෂේත්‍ර ක්‍රමවත් කිරීම අරමුණු කරගනිමින් ලියැවී ඇත.