වේවැල්කැටිය ලිපිය

4වන මිහිඳු රජුට අයත් සෙල් ලිපියකි. අනුරාධපුර යුගය. දසගම් පාලනය, අපරාධ පිළිබඳ නඩු විසඳීම, දඬුවම් දීම ආදී අධිකරණ කටයුතු වලට අදාළ සාධක ඇතුළත් ලිපියකි.

සොරකම, හා මිනීමැරීම පිළිබඳ වැරදි වල දී නිසි නඩුවිභාගයක් පවත්වා මරණ දණ්ඩනය පැනවීම.

අපරාධකරුවන් ඇල්ලීමට දසගම් මුලාදෑනීන්ට සතලිස් පස් දිනක් ලබා දීම හා එම කාලය තුළ සොරුන් ඇල්ලීමට අපොහොසත් නම් දසගමකින් රන් කලං 125ක් දඩ ගැනීම.

ගව එළු ආදී සතුන් සොරකම් කළවුන්ගේ කිහිලි වල (නළලේ?) හන තැබීම.

රාජාඥා බිඳින්නන් ගිනියම් ලෝහ පාවහන් මත සිටුවීම.

අපරාධකරුවන්ට උපකාර කළ විට හෝ අල්ලා ගැනීමට අපොහොසත් වූ විට අය කරන ගෙදඩ් හෙවත් ගෘහදණ්ඩ

ආදිය පිළිබඳ මේ ලිපියේ සඳහන් වේ.