සිතුල්පව්ව ලිපිය

පළමු ගජබා රජුට අයත් ලිපියකි. අනුරාධපුර යුගය අධිකරණ දඩ ආදායම් සිතුල්පවු වෙහෙරට පිදූ බව සඳහන් වේ.

පෙළ

සිද්ධම් මහරජ වහබයහ පුත තිසමහ රජහ පුත මහරජ ගමණි අබයෙ

දුබලයහටගම අකුජුමහගමහ මහවිනිචහි ලබනක වටිති දිවස දො කහවණ

ගණිය එක දිවස දොකහවණ බිගිනි චිතල  පවත විහරහි බිකු සගහටය බෙසජවට කොටු දිනි.

පරිවර්තනය-

යහපතක් වේවා. වසභ මහරජුගේ පුත්‍රතිස්ස මහ රජුගේ පුත්‍ර ගාමිණී අබය මහරජු දුබලයහටි ගමෙහි හා අකුජ මහ ගමෙහි අධිකරණයෙන් ලැබෙන්නා වූ දඩ මුදල් දවසට කහවණු දෙක බැගින් ගෙන එක දවසට කහවණු දෙක බැගින් චිත්තල පබ්බත විහාරයෙහි භික්ෂු සංඝයාට බෙහෙත් පිණිස නියම කර දෙන ලදී. (ඓතිහාසික සිතුල්පව්ව-පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.68 පිට)