බෝවත්තේගල ලිපිය-දකුණු පළාත

ලංකාවේ ක්‍රියාත්මක වු විදේශීය වෙළඳ සංවිධාන පිළිබඳ සාධකයකි. එහි කාම්බෝජීය මහා වෙළඳ සංවිධානයේ නම සඳහන් වේ. කාම්බෝජ යනු වත්මන් කාම්බෝජය නොවන අතර ඉන්දියාවේ සොළොස්මහ ජනපද අතරින් අවසාන ජනපදය වූ කාම්බෝජය යි. එය වයඹදිග ඉන්දීය දේශසීමාබදව පැවතියේ ය.
පෙළ

කබොඣිඣිය-මහපුගියන මනාපදශනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ

පරිවර්තනය

කම්බොජියස මහා ශ්‍රේණියේ සාමාජිකයින් විසින් මනාපදස්සන [ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 553 වැනි ඵලකය බලන්න.

කදුරුවැව ලිපියේ ද මේ නම එයි.

පෙළ

ගොට-කබොඣි[ය]න පරුමක-ගොපලහ බරිය උපශික-චිතය ලෙණෙ ශගශ

පරිවර්තනය

කම්බෝජීයස ශ්‍රේණියෙහි ප්‍රමුඛ ගොපාලගේ භාර්යාව වන උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].

Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 990 වැනි ඵලකය බලන්න.