බඹරගල ලිපිය-මාතලේ

ලංකාවේ රාජ්‍යත්වයේ ආරම්භයට අදාළව ප්‍රාදේශීයව බිහිවූ රජවරුන් ගැන සාධකයකි. පෙරදිගරජු යන අරුතෙන් ‘පොචනි රජ’ යන්න එහි දක්වා තිබේ.
පෙළ

පොචනි-රඣ-නගයහ ඣය බමණ-කොඣර-ඣිතය උපශික-දතය ලෙණෙ

පරිවර්තනය

පොචනි රජ නාගගේ භාර්යාව වූ බ්‍රාහ්මණ කොඣරගේ දියණිය වන උපාසිකා දත්තාගේ ලෙණ.

මේ පිළිබඳව Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 814 ලිපිය බලන්න.