වල්ලිපුරම් රන් සන්නස

වසභ රජතුමාට අයත් රන්පත් ලිපියකි. අනුරාධපුර යුගය. වසභ රජ දවස යාපන අර්ධද්වීපය පාලනය කළ ඉසිගිරිය නමැත්තා යටතේ ඉදිකළ විහාරයක් ගැන කියවේ. මෙහි වසභ රාජ්‍ය සමයේ ප්‍රාදේශීය පාලනය පිළිබඳව ද, යාපන අර්ධද්වීපයේ පාලනය අනුරපුර පාලකයා යටතේ පැවතීම පිළිබඳව ද,  යාපනයේ බෞද්ධ විහාර පැවතීම පිළිබඳව ද සාධක තිබේ. මෙහි නකදිව හෙවත් නාගදීප යනු වත්මන් යාපන අර්ධද්වීපය ම බව සලකන්න.

පෙළ

සිධ. මහරජ වහබයහ අමතෙ

ඉසිගිරයෙ නකදිව බුජ‍මෙනි

බදකර අතනෙහි පියගුක තිස

විහර කරිතෙ

අර්ථය- යහපතක් වේවා..! වසභ මහරජු රජයන සමයේ ඉසිගිරිය ඇමතියා නාගදීපය පාලනය කරමින් බදකර ආස්ථානයේ(දිස්ත්‍රික්කයේ?) පිංගුකතිස්ස විහාරය කරවන ලදී.