ගල් ඔරුව අසල පුවරු ලිපි-අනුරාධපුර

හතරවන මිහිඳු රජුට අයත් ලිපි දෙකක් එක ළඟ පිහිටුවා තිබේ.

පළමුවැන්න

  • රජුගේ නම සිරි සග්බො අබා ලෙස දක්වා තිබේ.
  • පියා සිරි සග්බො අබා මහරජ ලෙස ද, මව දෙව්ගොන් බිසො රැජ්න නමින් ද දක්වා තිබේ.
  • රජුගේ සීයා වූ මිති මහරද් විසින් මිණිමෙව්ලා මහ පහා හෙවත් මණිමේඛලා මහා ප්‍රාසාදය කරවීමට ඉටා ගත් බව හා ධර්ම සංගනී ග්‍රන්ථය පිටපත් කරවූ බව(21 හා 29 පේලි)
  • සොහොයුරා විසින් හුලිගම් පිරිවෙනේ කොටසක් කරවූ බව(27 පෙල)
  • ලිපිය පොසොන් මස පුර දසවක් දවස කරවූ බව(පැරණි කාල ගණන ක්‍රම)
  • අභයගිරි විහාරයේ රජුගේ ආගමික කටයුතු හා පුණ්‍යක්‍රියා පිළිබඳ තොරතුරු
  • විවෘත ආර්ථික ප්‍රතිපත්තිය

දෙවැනි ලිපිය

  • රජුගේ අටවන රාජ්‍ය වර්ෂයේ කරවූ බව
  • අභයගිරි ස්ථූපය හා එම විහාරයේ ගොඩනැගිලි කිහිපයක් පිළිසකර කරවූ බව
  • විහාරයට හා විහාරයට සම්බන්ධ ගම් වලට අදාළ නීති පද්ධතිය
  • රජුගේ පුණ්‍ය ක්‍රියා විස්තරය
  • මහ සල පිළිමය ගැන(ශිලා බුද්ධ ප්‍රතිමාව)
  • දසකැරැ බද්ද(ඉඩමේ ආදායමෙන් 1/10 බද්ද විය හැක)