ඩෙංගු

RNA අඩංගු වයිරස වන arbovirus  මඟින්‌ සාදන වාහකයකු මඟින්‌ පැතිරෙන රෝගයකි. ලොකයේ ඝර්ම කලාපික හා උපඝර්ම කලාපික ප්‍රදේශවල වසංගත තත්ත්ව වාර්තා වෙයි. වයිරසය සම්ප්‍රේෂණය වන්නේ මදුරුවන්‌ විශේෂ දෙකක්‌ වන Aedes aegypti සහ Aedes albopictus  මඟිනි. ඩෙංගු වයිරසයේ පැතිරීමට ජෛව හා අජෛව සාධක බලපායි. ජෛව සාධක අතරට වයිරසය, වාහකයා සහ ධාරකයා අයත්‌ වන අතර, අජෛව සාධක අතරට උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ වර්ෂාපතනය අයත්‌ වේ. මිනිසාට ඩෙංගු වයිරසය සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත ගැහැනු මදුරුවකු මාර්ගයෙනි. අසාදිත පුද්ගලයකු රෝග ලක්ෂණ පෙන්වීමට මෙන්‌ ම නොපෙන්වීමට ද හැකි වන අතර, ඒ පුද්ගලයෝ වයිරසයේ වාහකයන්‌ සහ ගුණනය කරන්නෝ වෙති.