සෛල

සියලු ජීවීන් සෛලවලින් නිර්මාණය වී ඇත. ඒක සෛලික ජීවියෙකු හෝ බහු සෛලික ශාකයක් හෝ සත්ත්වයෙකු සෑදිය හැකි හෝ ජීවී ලෙස දැකිය හැකි මූලික ඒකකය වන්නේ සෛලයයි. එනම් ජීවයේ මූලික ව්‍යූහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. ද්‍රව්‍යවල සෛලයක් මඟින් නිරූපණය වන සංවිධාන මට්ටම මඟින් ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පෙන්වයි. ඒක සෛලික ජීවියෙකුගේ හෝ බහු සෛලික ශාක හා සත්ත්වයින් වුව ද සෛලයට පහළ මට්ටමක් ජීවී ලෙස සැලකිය නොහැකි ය.