සෛල වාදය

මැතියස් ශ්ලයිඩන් හා තියඩෝර් ෂ්වාන් යන ජර්මානු විද්‍යාඥයින් දෙදෙනා විසින් 1838 දී හඳුන්වාදුන් විද්‍යාත්මක න්‍යායකි. ශාක වර්ධනය හා බැඳුණු විද්‍යාත්මක හඳුන්වාදීමකි. සෛලවාදයෙහි සඳහන් වන්නේ,

සියලු ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෑදී ඇති බව.

ජීවීන්ගේ මූලික ව්‍යූහමය සහ කෘත්‍යමය ඒකකය වන්නේ සෛලය බව.

සියලු සෛල ඇති වන්නේ කලින් පැවති සෛලවලින් බව.