තියඩෝර් ෂ්වාන්

තියඩෝර් ෂ්වාන්- ජර්මානු වෛද්‍යවරයෙක් සහ කායික විද්‍යාඥයෙකි. 1810 දෙසැම්බර් 7 වැනි දා උපන් ඔහු ජීව විද්‍යාව සඳහා ඔහු කළ වැදගත්ම දායකත්වය ලෙස සැලකෙන්නේ ‘සෛල න්‍යාය’ සතුන් වෙත ව්‍යාප්ත කිරීමයි. අනෙකුත් දායකත්වයන් අතර පර්යන්ත ස්නායු පද්ධතියේ ෂ්වාන් සෛල සොයා ගැනීම, පෙප්සින් සොයා ගැනීම සහ අධ්‍යයනය කිරීම, යීස්ට් වල කාබනික ස්වභාවය සොයා ගැනීම, සහ “පරිවෘත්තීය” යන පදය සොයා ගැනීම ආදිය යි. ඊට අමතරව සත්ත්ව පටක ද සෛලවලින් සැදී ඇති බව නිගමනය කළේ ය. 1882 ජනවාර් 11 වැනිදා අභාවප්‍රාප්ත විය.