ට්‍රයිකාඩොනොසිස්‌

ඒක සෛලීය, පක්ෂ්මධර, අවස්ථාවාදී, බාහිර පරපොෂිත Trichodina විශේෂ මිරිදියේ සුලභ වේ සාමාන්‍යයෙන්‌ ප්‍රතිශක්තිය දුර්වල වු මත්ස්‍ය කීටයන්ගේ දේහ ආක්‍රමණය කරයි, මත්ස්‍ය දේහය මතට පැමිණීමෙන්‌ පසු වරල්‌, ජලක්ලෝම හා දේහ පෘෂ්ඨයේ ඇති ශ්ලේෂ්මල මත යැපෙයි. මත්ස්‍ය පටක මත චලනය වීමේ දී පටක යාන්ත්‍රිකව සීරිමකට ලක්වෙයි. එම තුවාල මතට පැමිණ ජීවත්‌ වන අවස්ථාවාදී බැක්ටීරියාවන්‌ සහ මත්ස්‍ය පටකවල සුන්බුන්‌ මත Trichodina යැපීම අරඹයි. මෙම පරපෝෂිතයාගේ අධික ආසාදනයක දී ළපටි මසුන්‌ මිය යන බව වාර්තා වේ.