කොලම්නාරිස් රෝගය

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිතව බහුලව දැකිය හැකි බැක්ටීරියා ආසාදනයකි. විශේෂයෙන් ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයෙහි භාවිත කරන සෑම මිරිදිය විසිතුරු මත්ස්‍ය විශේෂයක්‌ ම මම රෝගයට ගොදුරු වීමේ අවදානමක්‌ සහිතය. මුඛ දිලීර රෝගය නමින්‌ වැරදි ලෙස නම්‌ කර ඇති මෙම රෝගය ශ්‍රී ලංකාවේ ගප්පි රෝපිත ගොවිපළවල ඉතා සුළභ ය. මූලිකතම අවස්ථාවේ දි මුඛය ආසන්නව කුඩා සුදු ලපයක්‌ ලෙස බැක්ටීරියා නිසා මියගිය සෛල දැකිය හැකි අතර පසුව එම ප්‍රදේශය විශාලව පැතිරි දිලීර අංසාදනයක්‌ ලෙස දිස්වෙයි. මිය ගිය සෛල හැලී තුවාල ඇතිවන අතර එම තුවාලවල පරයන්ත රතු පැහැති හා මධ්‍ය ප්‍රදේශ සුදු පැහැයට දුකිය හැකි වෙයි. පෞච්ජ වරලෙහි ආසාදිත පටක ක්‍රමයෙන්‌ මිය යයි. මිය ගිය සෛල හැලී පෞච්ජ වරලෙහි පාදය දක්වා එය පැතිරී මුළු වරල ම විනාශ වී යයි. කරමල්‌ ආසාදනය වුවහොත්‌ කරමල්‌ සූත්‍රිකා විනාශ වී ක්ෂය වී ගොස්‌ ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන්‌ මත්ස්‍යයෝ මිය යති.