වරල්‌ කුණු වීම හා කරමල්‌ කුණු වීම

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිතව බහුලව දැකිය හැකි බැක්ටීරියා ආසාදනයකි. Aeromonas  විශේෂ හා Pseudomonas විශේෂ මිරිදියේ සුලභව හමුවන මත්ස්‍යය ව්‍යාධිජනක බැක්ටීරියාවන්‌ය. එක්රැස්‌ වු මල ද්‍රව්‍ය හෝ වැඩිපුර යෙදීම නිසා එක්රැස්‌ අහාර මත්ස්‍ය රෝපිතයේ ජලය කාබනික ද්‍රව්‍ය ලෙස හැඳින්විය හැක. මේවා වලින්‌ ජලයේ pH අගය වෙනස්‌ වෙයි. ඒ හේතුවෙන්‌ මසුන්ගේ ජලක්ලෝම මතුපිට හා වරල්වල මතුපිට අධික ලෙස ශ්ලේෂ්මල ස්‍රාවය වෙයි. එම ශ්ලේශ්මලයට අධික ලෙස බැක්ටීරියා ආකර්ෂණය වී. ඒමත යපෙමින් හා ගුණනය වෙමින්‌ ඔවුන්ගේ ගහනය වැඩි කර ගනිති. ඔවුන්‌ වරල්‌ කෙලවරවල ස්ථාපනය වී එහි පටකවලින්‌ පෝෂක ලබා ගැනීම නිසා වරල්‌ නාරටි අතර ඇති පටක කුණු වී යයි. ජලක්ලෝම පටක මත ද බැක්ටීරියා මඟින්‌ එයට සමාන ක්‍රියාකාරිත්වයක්‌ සිදු කිරීම නිසා ප්‍රාථමික ජලක්ලෝම සූත්‍රිකා කුණු වී යාමෙන්‌ ශ්වසන වායු හුවමාරුවට බාධා පැමිණේ. ශ්‍රී ලංකාවේ ඇති කරන මිරිදිය මසුන්‌ සියල්ලන්ගේ ම පාහේ බැක්ටීරියා වරල්‌ කුණු වීම හෝ කරමල්‌ කුණුවීම වාර්තා වී ඇත.