වාෂ්පීභවනය

මෙය ද්‍රවවල සිදුවන ස්වයංසිද්ධ ක්‍රියාවලියකි. ද්‍රවයක අණු එකිනෙකට ආසන්නව ඇති හෙයින් ඒ්වා අතර අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙි. ඒ සමගම අණුවලට චාලක ශක්තියක් ද ඇත. පද්ධතියේ අණු සියල්ලේ ම වේග එකිනෙකට සමාන නොවෙි. පද්ධතියේ අණුවල වේග ව්‍යාප්තියක් පවතී. සාමාන්‍ය තත්ත්ව යටතේ දී ද්‍රවයකට තාපය නොසපයන විට දී සිදුවන්නේ ද්‍රවයේ ඇති අධික වේගයක් සහිත අණු එකී අන්තර් පෘෂ්ඨායන් මිදී ද්‍රව පෘෂ්ඨයෙන් ඉවතට පලා යාමයි. මෙය ද්‍රවයක නිතැතින්ම  සිදුවන වාෂ්පීභවනය යි. ද්‍රවයක උෂ්ණත්වය එහි අඩංගු අණුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය මගින් තීරණය කරනු ලබයි. අධික වෙිගයක් ඇති අණු නිතැතින්ම ඉවත්වීම හේතු කොටගෙන ඉතිරිවන අණුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය අඩුවනු ඇත. එනම් ද්‍රවය නිතැතින්ම සිසිල් වනු ඇත. පිටතින් තාපය නොසපයා ද්‍රවයක් වාෂ්පීභවනය වීමෙී දී එය සිසිල් වන්නේ එබැවිනි.