ඕ-ල-න-ෂුන්-ච

චීන වාර්තාවල සඳහන්වන නමකි. මෙයින් හර්ෂ රජුට පසු බලවත් වූ අර්ජුන නම් අමාත්‍යයෙක් හැඳින්වෙන්නේ යැයි අනුමාන කෙරේ. වොන්-හ්‍යුං-සෙ නම් චීන දූතයාට අවහිර කළ මේ අර්ජුන නමැත්තා පසුව අල්ලාගෙන චීනයට රැගෙනගිය බවත් ඒ සඳහා ටිබෙට් හා නේපාල පාලකයන් උපකාර කළ බවත් චීන වාර්තාවල සඳහන් වේ.