උත්තරමේරුර්

උත්තරමේලුර්, උත්තරමල්ලූර්, උත්තිර මෙල්ලූර්, උත්තිර මේලුර් ආදී නම් වලින් හැඳින්වෙන ප්‍රදේශය යි. මදුරාසියට සැතපුම් පනහක් පමණ වයඹදෙසින් පිහිටා තිබේ. එහි පැරණි නාමය උත්තරමේරු චතුර්වේදි මංගලම් යන්නයි. චෝළ පාලන සමය වන විට මෙය විශාල බමුණුගමක් වූ අතර ශිලාලේඛන රැසක් පිහිටුවනුලැබූ ප්‍රදේශයක් ද විය. චෝළ රාජ්‍ය සමයේ දී මෙය ‘රාජේන්ද්‍රචෝළ චතුර්වේදි මංගලම්’ යනුවෙන් ද හඳුන්වා ඇත. තෙළිඟු චෝඩ නියකයෙකු මෙය අල්ලාගත් පසු ‘ගණ්ඩගෝපාළ චතුර්වේදි මංගලම්’ නමින් ද හඳුන්වා ඇත.