උත්කල

ඉන්දීය වීරකාව්‍යක් වන රාමායනයේ සඳහන් වන පරිදි මෙය වින්ධ්‍යා කඳුවැටියට ආසන්නව පිහිටා තිබූ  පැරණි රාජධානියකි. වත්මන් ඔරිස්සාව බව විද්වත් පිළිගැනීම යි. එනම් පැරණි කාලිංගය යි. කාලිංගය ප්‍රධාන කොටස් තුනකින්(ත්‍රිකාලිංග) යුතුවී ඇත. උත්කල නමින් හැඳින්වෙන එක් කොටසක් ද වේ. ඒ වනාහි මේ උත්කල දේශය වියයුතු ය. තපස්සු භල්ලුක(තපුස්සක-වල්ලික) වෙළඳ දෙබෑයන් ලංකාවට ආයේ ද මේ ප්‍රදේශයේ සිට බව පෙනී යයි. කෙසේ වුව ද ඇතැම් මූලාශ්‍රය වල කාලිංගය හැඳින්වීමට ද උත්කල යන වන යොදා ඇති වග සඳහන්කළ යුතු ය.