ඉන්ද්‍ර

කුණාටුවට, මේඝ ගර්ජනාවට හා යුද්ධයට අධිපති දෙවියාය. ඍග් වෛදික යුගයේ ජනයාගේ ඇදහීමට පාත්‍ර විය.  හෙතෙම අසනියක් හෙවත් වජ‍්‍රයක් ද දුනු හී ද අතින් ගෙන ආර්ය හෙවත් උතුම් ජනකායේ පෙරටුව ගමන් කරයි.තම වජ‍්‍රයෙන් හෙවත් අසනියෙන් අකුණු ගැසීමෙන් දස්‍යුන් හෙවත් කෘෂ්ණ(කළු) වර්ණ ජනයාගේ  බලකොටු විනාශ කරයි. කුණාටු හෙවත් මරුත් දේව සමූහයා ද මේ දෙවියන් සමග ගමන් කරයි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.