ලෞකිකත්වයට මුල්තැන දුන් ග්‍රීක ආභාසය ඇතිව වර්ධනය වූ කලා සම්ප්රදායකි. ඉන්දු ග්‍රීක කලා සම්ප්රදාය යනු ද මෙයමය. ගැඹුරු අධ්‍යාත්මික සංකල්පනා ලෞකික භෞතික සංකල්ප ලෙස ගෙන ප්‍රතිනිර්මාණය කිරීම මේ කලාවේ ලක්ෂණයකි. අධ්‍යාත්මික බලයට වඩා කායික බලය විශ්වාස කළ බටහිර කලාවේ ආභාසය ඊට ලැබුණු නිසා මේ තත්ත්වය වර්ධනය වන්නට ඇත. කණිෂ්ක රාජ්‍ය සමයේ වර්ධනය වූ මේ ආගමික කලාව අනුව කළ බුද්ධ ප්‍රතිමා මේ කලාවේ ස්වභාවය පෙන්වන හොඳම සාධක වේ. පිරුණු මස්ගොබ සහිත සිරුරු, පුළුල් හනු සහිත මුහුණු, තරමක් ගිළුණු ඇස්, පුළුල් ළයමඩල ආදියත් රළු කැරළි සහිත හිසකෙස් ආදිය මේ බුද්ධරූපවල දැකිය හැක. ඇතැම් බුද්ධරූපවල රැවුල ද යාන්තමින් දක්වා තිබේ. පෙරදිග කලාව තුළ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී එහි රශ්මි මාලාව නළල කේන්ද්‍රකරගෙන විහිදෙන ආකාරයට නිරූපණය කරන අතර ගන්ධාර කලාවේ බුද්ධප්‍රතිමාවල එය නාසය කේන්ද්‍ර කරගෙන විහිදෙන ආකාරයට දක්වා තිබීම මු දුටු විශේෂම ලක්ෂණයයි. නළල බුද්ධිය, මනස පිළිබඳ භෞතික නිරූපණය ලෙස ගතහැක. නාසය භෞතිකත්වය, ශරීර ශක්තිය පිළිබඳ ප්රත්යක්ෂ නිරූපණය ලෙස ගතහැක. වයඹදිග ඉන්දියාවේ පුරුෂපුරය, සියල්කොට්, තක්ෂිලා හා පුෂ්කලාවතී ආදී නගරවලින් ගන්ධාර කලාකෘති හමු වේ.