තිසූ ගේ කවිය (2022.06.12)

සක්මන..

පියවර පියවර පා තැබුවට
ශබ්දය නොනැගෙයි මා සවනට
කතරක තනි වුණ ජීවිතයකට
උරුම වුයේ එය මා හට

තව දුරයි තව දුරයි ජිවිතය
ඇවිද යනවා මාවතක එය
සොයා යන්නෙ මිරිඟුවක්‌ නම්‌
මා ද එ තුළ සක්මනකි තව

ගෙවී යයිදෝ මා පතුල්‌ දැන්‌
රිදුම්‌ දෙයිදෝ මා හදින්‌
වේදනාවෙන්‌ මිරිකෙමින්‌ තව
හඹා යයි මා කැළඹෙමින්‌

ගැටලු ගොන්නක්‌ හිත දරාගෙන
ඇවිද යයි සක්මනක විලසින්‌
නිවී දැල්වෙන පහන්‌ එළියට

මා හද ගොලු වෙයි සක්මනක

නිබඳ එහි මා සරණ විලසින්‌
යාතිකා ඇසෙනා කතරින්‌
පවස මා හද ඔබට කියවෙන
සක්මනක ඇරයුමකි මෙය…


නිසදැස …..( තිසූ )