මහා ඇලෙක්සැන්ඩර්

මහා ඇලෙක්සැන්ඩර් හෙවත් තෙවන ඇලෙක්සැන්ඩර් නමින් ප්‍රකට වූ මහා රණ ශූරයෙකි. ප්‍රතාපවත් මැසිඩෝනියානු අධිරාජයෙකි. පෙලා නගරයේ උපන් හෙතෙම දෙවැනි පිලිප් රජුගේ පුත්‍රයා ද සුප්‍රකට දාර්ශනික ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයා ද විය. ක්‍රි.පූ. 356-323 අතර කාලයේ කෙිටි ජීවිත කාලයක් ගතකළෙකි. කුඩා කාලයේ ඔහුගේ මව හා පියා වෙන්වූයෙන් ඔහුට සිය මව වූ ඔලිම්පියාස් සමග එපිරස් වෙත යෑමට සිදුවිය. ඒ් අතර කාලයේ ඔහුගේ පියා ඝාතනයට ලක්වූයෙන් යළි පැමිණ මැසිඩෝනියානු සහසුන භාරගැනීමට සිදුවිය. වයස අවුරුදු19 දී ඔහු මැසිඩෝනියානු අධිරාජ තනතුරට පත්වන්නේ ද ගැටුම් රැසක් මධ්‍යායේ ය. කෙසේ වෙතත් අධිරාජ තනතුරට පත්වූ හෙ‌තම දිග්විජය ව්‍යාපාරයක් අරඹමින් ඇකිමේනියානු අධිරාජ්‍යය ද අල්ලා ගත්තේ ය. අනතුරුව වයඹදිල ඉන්දියාව දක්වා ආක්‍රමණ මෙහෙයවූ හෙතෙම සින්ධු නදියේ අතුගංගාවක් වූ බියස් නදිය අසලින් ආපසු හැරී ක්‍රි.පූ. 323 වැන්නේ දී බැබිලන් වෙත ළඟා විය. ඉන්දීය භූමියේ දී සිදු වූ සටන් අතරතුර ඉන්දියානුවන්ගේ මහදුන්නේ ප්‍රහාරයකින් තුවාල ලබා සිටි ඇලෙක්සැන්ඩර් බැබිලන්හි පැවති විජයග්‍රහණයේ සමරු භෝජන සංග්‍රහයෙන් අනතරරු ව අසනීප වී ඒම වර්ෂයේ ම ජුනි 13 වැනි දා මිය ගියේ වයස අවුරුදු 33ක් පමණක් සපුරා සිටියදී ය.