ඇපලෝ දෙවි

ග්‍රීක දෙවියෙකි. ඇපලෝ(Apollo) ග්‍රීක ආගමික විශ්වාස අතර ඉතාමත් වැදගත් වූද සුවිශේෂ වූද දෙවියා ලෙස සලකනු ලැබේ. ග්‍රීසියේ ඩෙලිපි පුර රාජ්‍යයේ අධිපතියා ද වේ. ග්‍රීක දේව මණ්ඩලයේ සියුස් මහ දෙවියාගේ පුත්‍රයාය. සූර්යා, සංගීතය, කලාවන්, දැනුම, සුවපත් කිරීම, වසංගත රෝග හා අන්ධකාරය, අනාවැකි පල කිරීම, කාව්‍ය, පාරිශුද්ධත්වය හා පුරුෂ ලක්ෂණ වලට අධිපති දෙවියා ලෙස සැලකෙන්නේ ඇපලෝය. ඔහුට ග්‍රීක සාහිත්‍යය තුළ ද විශේෂත්වයක් හිමි වී තිබේ.  බුද්ධරූපය මානවරූපීව ප්‍රතිනිර්මාණය කිරීමේදී ඊට බෙහෙවින්ම මූලාදර්ශ වූයේ මේ දෙවියන්ගේ රුව යැයි පිළිගැනෙයි.