ආර්යාවර්ත

පැරණි භාරතීය ග්‍රන්ථ වල ඉන්දියාව භූගෝලීය වශයෙන් කොටස් පහකට බෙදා දක්වා ඇත. මධ්‍ය දේශ, උත්තරාපථ(උදීච්‍ය), පූර්වදේශ(ප්‍රාච්‍ය), දක්ෂිණාපථ, අපරාන්ත(ප්‍රතීච්‍ය) වශයෙනි. පතංජලී සඳහන් කරන්නේ ආර්යවර්තය යනු මධ්‍ය දේශය බව යි. නමුත් බ්‍රාහ්මණ ග්‍රන්ථ වලත්, තවත් ග්‍රන්ථ ගණනාවකත් මේ සීමා වෙනස් ආකාරයෙන් දක්වා තිබේ. කෙසේ වෙතත් ඒ සියල්ලේ කියැවෙන පොදු භූමියක් ද තිබේ. නමුත් එහි දකුණු සීමාව වින්ධ්‍යා කඳුවැටිය බව අවධාරණය විය යුතු වේ.