WordPress WooCommerce Themes

ආරණ්‍යක

වෛදික සාහිත්‍යයේ ප්‍රධාන කොටස් තුනෙන් එකකි.(සංහිතා, බ්‍රාහ්මණ, ආරණයක) බ්‍රාහ්මණ ග්‍රන්ථ වල විස්තර වන යුගයට වඩා දියුණු යුගයක විස්තර ඇතුළත් වේ.යාගහෝම පුදපූජා ආදිය වෙනුවට පරම විඥානාර්ථය ගැන විස්තර කරයි.දර්ශනය විග්‍රහ කිරීමට වැඩි ඉඩක් දෙයි. මෙම කෘති වලින් අවධානය යොමු කර ඇත්තේ දෙවියන්, ආත්මය, ලෝකය හා මිනිසා අවබෝධ කර ගැනීම කෙරෙහිය. මේ නිසා මෙම කෘති ගුප්ත දේ හා දර්ශනය පිළිබඳ කරුණු වලින් යුක්තය. ආරණ්‍ය වලදී උගතයුතු රහස් ධර්මය, සත්‍ය ගවේෂණය පිණිස අනුගමනය කළයුතු චින්තන විධීන් මේවායේ අන්තර්ගතය. සමාජ චාරිත්‍ර ආදියෙන් බැහැරව ආත්මය පිරිසිදු කරගනිමින් එම චින්තන විධි අනුගමනය කළ යුතුය. මෙය ගිහිගෙය හැර තාපස ව‍්‍රතයට පිළිපන් අයට අදාළ කෘතියකි. යාගහෝම නොව ආධ්‍යාත්මික පාරිශුද්ධිය අගය කළ මේ කෘති ගූඪ දාර්ශනික අගයකින් යුතුය. මේවා බ්‍රාහ්මණ ග්‍රන්ථ වල අවසාන කොටස් සේ ද පිළිගැනේ. යාග කළ නොහැකි මහල්ලන් උදෙසා මේවායේ ධර්ම කරුණුු ඇතුළත් කර ඇත.

 

 

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.