ආධිත්‍යසේන

උතුරු ඉන්දියාවේ පශ්චාත් ගුප්ත වංශික පාලකයෙකි.(ආසන්න වශයෙන් 6 සියවස) මාධවගුප්ත රජුගේ පුත්‍රයා ය. මහාරාජාධිරාජ පදවිය දැරීය. අශ්වමේධ යාග 3ක් කළේ යැයි සඳහන් ය. අප්ෂාද් ටැම් ලිපිය මේ රජුගේ කාලයට අයත් යැයි පිළිගැනෙයි.