අසිති අනුව්‍යඤ්ඤන

අසුවක් වු අනු ලක්ෂන බුදුරදුන්ගේ සිරුරෙහි පිහිටියා වු අනු ලක්ෂන අසූවක් පිළිබදව සාහිත්‍ය කෘති වල සඳහන් වෙයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල අමරතව මෙම ලක්ෂණ විස්තර කොට ඇත.

1. මනහර පාඟිලි සහ අතැඟිලි ඇති බව.

2. අන්යෝඤන්යප ප්රැමාණයෙන් සම වූ පාඟිලි සහ අතැඟිලි ඇති බව.

3. මනාව වට වූ, නාලාකාර පාඟිලි සහ අතැඟිලි ඇති බව.

4. තඹ පැහැ නිය දරන පාඟිලි සහ අතැඟිලි ඇති බව.

5. යම් තම් උඩු අග් බලා සිටින නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇති බව.

6. ඔපවත් මෘදු වූ, වට වූ නිය සහ නිය අගින් යුක්ත පාඟිලි සහ අතැඟිලි ඇති බව.

7. මනාව වට වූද, උස් වූද ගොප් ඇට (දෙපා වළලුකර අස්ථි) ඇති බව.

8. සම වූ පාද සහ පා පතුල් තල ඇති බව.

9. ගජේන්ද්රදයෙකු (හස්ති රජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇති බව.

10. මෘගේන්ද්ර යෙකු (සිංහ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇති බව.

11. සරාසරේන්ද්රකයෙකු (හංස රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇති බව.

12. උසභේන්ද්ර යෙකු (වෘෂභ රාජයෙකු) වන් මනහර ගමන් විලාසයෙන් ඇති බව.

13. වඩිනා කල්හි, සැම විට මැ දකුණු ශ්රීෙ පාදය පෙරට තබා වඩිනා ගමන් විලාස ඇති බව.

14. පිටතට නො නෙරූ උස් වූ දනහිස් අස්ථීන් ඇති බව.

15. කෝෂයට වැදහෙව සිටි පරිපූර්ණ පුරුෂ ව්යහඤ්ජනයක් (පුරුෂ නිමිත්තක්) ඇති බව.

16. කැළැල් නැත්තා වූද, පළුදු නැත්තා වූද නාභියක් ඇති බව.

17. ඉතා උස් නො වූ, ඉතා ගැඹුරු නො වූ, පිටතට නො නෙරූ උදරයක් ඇති බව.

18. දක්ෂිණා වෘත්තව පිහිටි නාභියක් ඇති බව.

19. නාඹර රඹ (කෙසෙල්) කඳන් යුගලක් වන් ඌරු යුග්මයක් (දෙ කලවා) ඇති බව.

20. ඇත් සොඬ වන් මනාව වට වූ, මනහර බාහු යුග්මයක් (දෙ අත්) ඇති බව.

21. රත් පැහැ (රෝස පැහැ) අතුල් තල සහ පතුල් තල ඇති බව.

22. අවශ්ය තන්හි ඝන වූද, අවශ්යතය තන්හි සියුම් වූද, මෘදු මොළොක් සම සහ සම් සිවිය ඇති බව.

23. රැළි නො වැටුණු සම ඇති බව.

24. පැල්ලම්, බිබිලි, ගඩු, ගෙඩි සහ ඉදිමුම් රහිත වූ සම ඇති බව.

25. සියළු තන්හි කැළැල් රහිත වූ සම ඇති බව.

26. සර්වාකාරයෙන් පවිත්රන වූ, කුණු දූලි රහිත වූ, කුණු දූලි නො රඳනා සම සහිත දේහයක් ඇති බව.

27. හස්තීන් (ඇතුන්) කෝටි දහසකගේ (10 000 000 000) කාය බල ඇති බව. බැවින් සර්ව්ඥයන් වහන්සේ දසබල නම්වන සේක.

28. අගින් මදක් උඩු බලා සිටි උත්තුංග නාසිකාවෙක් (නාසයක්) ඇති බව.

29. ඉතා දිගු නො වූ, ඉතා කෙටි නො වූ, වඩා තර නො වූ, වඩා සිහින් නො වූ මනාව සමානුපාතව පිහිටි නාසිකාවෙක් (නාසයක්) ඇති බව.

30. ඉතා දිගු නො වූ, ඉතා කෙටි නො වූ, වඩා තර නො වූ, වඩා සිහින් නො වූ, අන්යෝ න්යි ප්රාමාණයෙන් සම වූ මනාව පිහිටි රත් පැහැ (රෝස පැහැ) තොල් සඟලක් ඇති බව.

31. දුර්වර්ණ නො වූ (පැල්ලම් රහිත වූ), ඵලක රහිත පවිත්රද දන්ත පංක්තියක් ඇති බව.

32. ඔප දැමූ ශංඛ පෘෂ්ඨයක් (හක් බෙල්ලෙකුගේ කටුවක් ) වැනි වූද, දිගු දන්තයන්ගෙන් හෙබියා වූද ශුභ්රන වර්ණ (සුදු පැහැ) දන්ත පංක්තියක් ඇති බව.

33. ඔපවත් වූද, මෘදු වූද දන්ත පංක්තියක් ඇති බව.

34. සර්වාකාරයෙන් පවිත්රර වූ මනාව පිහිටි පසිඳුරන් (පංචේන්ද්රිංය) ඇති බව.

35. මනාව වට වූ, වටකුරු පළිඟුවන් දළදා (රදනක දත්) සතරෙක් ඇති බව.

36. දිගු වූ, මනහර මුව මඬලක් (මුහුණක්) ඇති බව.

37. පරිපූර්ණව පිරුණු, කාන්තිමත් කොපුල් සඟලක් (දෙ කම්මුල්) පිහිටා ඇති බව.

38. යටි අතුල් තල (දෙ අත්ල) මත ගැඹුරුව විහිදුණු හස්ත රේඛා ඇති බව.

39. යටි අතුල් තල (දෙ අත්ල) මත දිගුව විහිදුණු හස්ත රේඛා ඇති බව.

40. යටි අතුල් තල (දෙ අත්ල) මත ඇද සහ පැලුම් රහිත වැ සෘජුව විහිදුණු හස්ත රේඛා ඇති බව.

41. යටි අතුල් තල (දෙ අත්ල) මත විහිදුණු රත් පැහැ (රෝස පැහැ) හස්ත රේඛා ඇති බව.

42. ස්ව ශරීරයෙන් නිති බඹයක් (සතර රියනක් නොහොත් අඩි සයක්) තරම් දුර විහිදෙන ජෝතිමත් වූ රශ්මි මණ්ඩලයෙක් (බ්යාසමප්රඩභාවෙක්) ඇති බව.

43. මෘදු වූද, මොළොක් වූද සම්පූර්ණව වටකුරුව පිහිටි කොපුල් සඟලක් (දෙ කම්මුල්) ඇති බව.

44. අන්යෝවන්ය් ප්රදමාණයෙන් සම වූද, නේත්ර් මණ්ඩ (ඇස්) නො ඉක්ම වන්නා වූද මනහර ඇස්පිය ඇති බව.

45. නො කැළැල් වූ දෘෂ්ටිග්රාොස කරන අක්ෂි ස්නායු පසක් ඇති බව.

46. අගින් නො නැමුණු, එහෙත් උඩු අග් බලා සිටින කුණ්ඩලාකාර අඳුන්වන් ශරීර ලෝම ඇති බව.

47. මනාව පිහිටි වටකුරු ජීහ්වයෙක් (දිවක්) ඇති බව.

48. මොළොක් වූ සුරක්ත ජීහ්වයෙක් (දිවක්) ඇති බව.

49. පද්මයක පිහිටි ශේඛරපත්ර්වන් (පෙති) ලඹසවන් (දෙසවන්) ඇති බව.

50. මනාව සුපිහිටි වටකුරු කර්ණ ජිද්රව (දෙසවන් සිදුරු) ඇති බව.

51. අන්යෝකන්යිව නො බැඳුණු, අන්යෝඹන්ය්ව නො ඇලුණු කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇති බව.

52. ශරීර මංශ පේශී සමැඟින් ගැඹුරින් මොනව බැඳුණා වූ කණ්ඩරා (බලනහර ) සහ බලසේතු පිහිටා ඇති බව.

53. මෞලියෙක්වන් (වොටුන්නක්වන්) ශිරෝධාතුවෙක් ඇති බව.

54. දිගින් පුළුලින් සම සම වැ පිහිටි මනහර නළල්පටක්වන් ලලාටයෙක් (නළලක්) ඇති බව.

55. වටකුරු පිහිටි ලලාටයෙක් (නළලක්) ඇති බව.

56. දුන් දණ්ඩෙකවන් හැඩ ඇති ඇස් බැමි සඟලෙක් ඇති බව.

57. සියුම් වූද, සියුමැලි වූද, මුදු වූද ලෝම සහිත ඇස් බැමි සඟලෙක් ඇති බව.

58. අන්යෝ්න්ය නේත්ර මණ්ඩල (ඇස්) හා සමව , සමාන්තරව පිහිටි ඇස් බැමි සඟලෙක් ඇති බව.

59. විශාල වූද, මනහර වූද ඇස් බැමි සඟලෙක් ඇති බව.

60. නේත්රත මණ්ඩල (ඇස්) නො ඉක්ම වන්නා වූද, නේත්ර මණ්ඩල කෙළවර කොට ඇත්තාවූ මනහර ඇස් බැමි සඟලෙක් ඇති බව.

61. සියුම් වූද, සියුමැලි වූද, මොළොක් වූද සමෙන් සහ සම් සිවියෙන් ආවාරිත දේහයක් ඇති බව.

62. මංගල ලක්ෂණයන්ගෙන් විසිතුරු වූ විපුල බවට පැමිණි පරිපූර්ණ දේහයෙක් ඇති බව.

63. ජෝතිමත් දේහයෙක් ඇති බව.

64. සර්වාකාරයෙන් පවිත්රක වූ පියුමෙක්වන් අතිශයින් පවිත්රර වූ දේහයෙක් (සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක්) ඇති බව.

65. ක්ෂණික වැ ඵොට්ඨබ්බාග්රාේස කරන (ස්පර්ශග්රා කරන) සමෙන් සහ සම් සිවියෙන් යුක්ත දේහයෙක් ඇත්තේ

66. නිති චන්දන (සඳුන්) සුගන්ධය හමන, චන්දන සුගන්ධය වහනයවන, චන්දන සුගන්ධයෙන් ඔපවත් වූ සඳුන් මංජුසාවක්වන් (සඳුන් කරඬුවක්වන්) දේහයෙක් ඇති බව.

67. අන්යෝඳන්යබ ප්ර මාණයෙන් සම වූ, එනම් දිගින් ඔවුනොවුන් ඉක්ම වා නො යන සම වූ ශරීර ලෝම ඇති බව.

68. සියුම් වූද, සියුමැලි වූද ශරීර ලෝම ඇති බව.

69. සියුම් වූ සුකුමොළ වැ චලනය වන්නා වූ මෘදු ශ්වාස ධාරාවෝ (අශ්වාස ප්රදශ්වාසයෝ) ඇති බව.

70. සැමැ විටම මුව මඬල සරසන සිත (මඳ සිනහ) ඇති බව. (සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මඬල සරසන මඳ සිනහවසිතනමින් හැඳින්වෙන්නේ . එමැ සිත සිනහව සෝමනස්ස සහගත හසිතුප්පාද කිරිය චිත්තය මුල් වැ හට ගන්නේ . කිරිය සිත් බුද්ධ ප්ර ත්යේ බුද්ධ අරහන්තයන උත්තමයන්ට පමණක් හටගන්නේ .)

71. නිති පියුම් (නෙළුම්) සුගන්ධය හමන, පියුම් සුගන්ධය වහනයවන, පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ පියුම් කෙමියෙක්වන් මුව මඬලක් ඇති බව.

72. අඳුන්වන් පැහැ ඇති කේශයෝ (හිස කෙස්) ඇති බව.

73. මනාව සුවඳවත් වූ කේශයෝ (හිස කෙස්) ඇති බව.

74. හෙළ පියුම් (සුදු නෙළුම්) සුගන්ධය හමන, හෙළ පියුම් සුගන්ධය වහනයවන, හෙළ පියුම් සුගන්ධයෙන් ඔපවත් වූ කේශයෝ (හිස කෙස්) ඇති බව.

75. කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇති බව.

76. නො පැසෙන, ශුක්ල (සුදුවන්) බවට නො පැමිණෙන, මහළුවන විට හණ වැහැරිවන් නො වන කේශයෝ (හිස කෙස්) ඇති බව.

77. සියුම් සියුමැලි මෘදු කේශයෝ (හිස කෙස්) ඇති බව.

78. සංකූල නො වූ (එකිනෙක පටලැවී අවුල් නො වුණු) කේශයෝ (හිස කෙස්) ඇති බව.

79. දිගු කැරලි සහිත කුණ්ඩලාකාර කේශයෝ (හිස කෙස්) ඇති බව.

80. වොටුන්නක මුදුනේ පැළඳි මල් දමක්වන් ශිරෝධාතුවෙන් නිති පැන නැඟි දිගින් රියනක් (අඟල් දහඅටක්) තරම් වූ රශ්මි කදම්භයක් (කේතු මාලාවක්) ඇති බව.