අසිත

කාළදේවල/ කණ්හදේවල/කණ්හසිරි/ සිරිකණ්හ/ ආදී නම් වලින් ද හැඳීන්වෙන බෞද්ධ සාහිත්‍යයේ ද හමුවන වන බමුණා. සිද්ධාර්ථ ගෞතමයන්ගේ පියරජ වූ සුද්ධෝධන රජුගේ ගුරුවරයා ය. පසුව සුද්ධෝදන රජුගේ පුරෝහිත බමුණා වූ මොහුට අතීතයට හා අනාගතයට අසූ කල්පයක් දැකීමේ හැකියාව වූ බවත්, සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට පත්වන්නට පෙර මිය ගොස් අරූපාවචර බඹලොවක උපන් බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මෙතුමාගේ බෑණනුවන් වු නාලක මෙතුමාගේ උපදෙස් අණුව සසුන්ගත වූ බව ද සඳහන් ය.