අසංග

පැරණි භාරතීය යෝගාචරවාදීයෙකි. කීර්තිමත් මහායාන බෞද්ධාචාර්යවරයෙකි. ගන්ධාර රට පුරුෂපුරයේ උපන්නෙකි. වසුබන්ධු ආචාර්යවරයා මේ හිමියන්ගේ ගිහිකල බාල සොයුරා ය. සප්තදශභූමිකාසූත්‍ර, මහායාන සම්පරිග්‍රහශාස්ත්‍ර, අභිධර්මසංගීතිශාසන, මහායාන සූත්‍රාලංකාර ටීකා යන කෘතීන් අසංග හිමියන්ගේ ය.