අශ්වඝෝෂ හිමි

 

භාරතීය භික්ෂූන්වහන්සේ නමකි. මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ  භීක්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත.

කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකත්වයක් දැක්වූ හිමි නමකි. ඇතැම් විට පළමුව දැක්වූ අශ්වඝෝෂ හිමි හා මේම හිමි එක් අයෙකු ද විය හැක. බුද්ධ චරිතය, ශාරිපුත්‍රප්‍රකරණය, සෞන්දරානන්ද කාව්‍යය උන්වහන්සේගේ කෘතීන් වේ.

මහායාන සූත්‍රාලංකාරය රචනා කළේ අශ්වඝෝෂ නමින් ම ක්‍රි.පූ.370-300 කාලයේ වැඩවාසය කළ භික්ෂූන්වහන්සේ නමක් විසින් යැයි පිළිගැනෙයි.

ශුද්ධෝත්පාද සූත්‍රය රචනා කළේ ක්‍රි.ව. දෙවැනි හෝ තෙවැනි සියවසේ විසූ බෝධිසත්ත්ව අශ්වඝෝෂ නම් හිමියන් විසින් යැයි ද පිළිගැනේ.(සිංහල විශ්වකෝෂය අනුව ය.)