අශ්නිස්ථම්භය

පුරාණ භාරතීය ආගමික ඉතිහාසය හා සම්බන්ධ වදනකි. වෛදික යාග පැවත්වීමේ දී භාවිත වූ යාග කුලුන යි. සත්ත්ව බිලි පූජා ආදියේ දී සතුන් ගැටගැසීමට ගත් කුලුන යි. පසුව මෙය පූජනීයත්වයේ සංකේතයක් වූ අතර තවත් පසුකාලයක දී බුදුරදුන් වෙනුවෙන් යෙදූ සංකේතයක් බවට ද පත්විය. අමරාවතී කැටයම් පුවරු අතර ඇති එවැනි කැටයමක් ආනන්ද පී. ගුරුගේ මහතාගේ දඹදිව බෞද්ධ කලාව කෘතියේ දක්වා තිබේ.