අශෝකාරාමය

ක්‍රි.පූ. 3වන සියවසේ භාරතීය පාලකයෙකු වූ සුප්‍රසිද්ධ ධර්මාශෝක රජු පාඨලීපුත්‍ර නගරයේ කරවූ විහාරයකි. ලංකාවට වැඩම කිරීමට ප්‍රථම මිහිඳු හිමියන් ද මේ විහාරයේ වැඩසිටි බව සඳහන් වේ. මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තුන්වන ධර්ම සංඝායනාව පැවත්වූයේ ද මේ විහාරයේ දී ය. (ලංකාවේ අනුරාධපුර පන්කුලියේ ද මේ නමින් ම විහාරයත් තිබේ.)