කෝල්හාපුර්

ඉන්දියාවේ දකුණු මාරඨ දේශයට අයත් ප්‍රදේශයකි. වඩාත් ප්‍රකට සාතවාහන පෙළපත නොව වෙනත් සාතවාහන පෙළපතක් මේ ප්‍රදේශයේ බලයේ සිටිබවට නාණක සාධක ඇත. ඒ කාසිවල වාසිස්ථපුත්‍ර විලිවායකුරු, මාඨරීපුත්‍ර සිවල්කුර යන රජවරු ගැන දැක්වේ.