කෝලිය වංශය

ක්‍රි. පූ 6 වන සියවස ආසන්න කාලයේ ඉන්දීය රාජවංශයකි. මෙය ද ගෝත්‍රික කණ්ඩායමකින් පැවත එන පසුව රාජවංශයක් බවට පත් වූ වංශයකැ’යි පිළිගැනේ. ශාක්‍යවරුන් සමග රෝහිණී නදියේ ජලය බෙදාගනු පිණිස නිරන්තර ආරවුල් ඇති කරගත් කෝලියවරු පසුව බුදුරදුන්ගේ මැදිහත්වීමෙන් ශාක්‍යවරුන් සමග සමගි වූ බැව් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. සිද්ධාර්ථ ගෞතමයෝ දහසය වැනි වියේදී විවාහ ගිවිසගත්තේ ද කෝලිය වංශයේ යශෝධරා නම් කුමාරිකාව සමගය. ශාක්‍යවරු මෙන්ම කෝලියවරු ද ගණතන්ත‍්‍ර පාලන ක්‍රමයක් අනුගමනය කළහ.