කොරමැණ්ඩල් වෙරළ

ගංගා නදී මුවදොරට පහළින් ඇති වෙරළ තීරයේ වඩාත් පහළ කොටස මේ නමින් හැඳින්වේ. (පෝක් සමුද්‍රසන්ධිය ආසන්නයේ සිට ගෝල්ගොණ්ඩා වෙරළ තෙක් විහිදේ.) කාවේරි පටුන, පොන්ඩිචෙරි, මදුරාසි වැනි කුඩා වරාය කිහිපයක් ද මේ වෙරළාශ‍්‍රිතව ඇත්තේය. මේ වෙරළ තීරයෙන් පුලුමායි රජුට අයත් කාසි හමු වී ඇත. ඒවායේ නැවක රූප සටහන් තිබේ.