කෛලාසනාථ කෝවිල

මෙය ද ශිව දෙවියන් උදෙසා කැප කළ කෝවිලකි. ෂෂෂ වන මහේන්ද්‍රවර්මන් රජ දවස කෝවිල නිර්මාණය කර අවසන් කළ ද එහි විමාන තැනවීම ඔහුගේ පියා වූ ෂෂ වන නරසිංහ වර්මන් රජදවස සිදුකොට ඇතැ’යි පිළිගැනෙයි. රාජසිංහේශ්වර කෝවිල ලෙස හැඳින්වූයේ ද මෙය ම ය. සාම්ප්‍රදායික සැලැස්මට අනුව සාන්ධාර ප්‍රාසාද ක්‍රමයට ඉදිකර ඇත. ගර්භගෘහයේ බිත්ති හා කෝවිල් ප්‍රාකාරය අතර ප්‍රදක්‍ෂිණාපථයක් ඉදිකිරීම සාන්ධාර ප්‍රාසාද ක්‍රමයේ ලක්‍ෂණයකි. මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය සාම්ප්‍රදායික සැලසුමක අංගයෝ ය. අඩි 150×80 ප්‍රමාණයේ දිගින් හා පළලකින් යුතු හා මදිළ් නම් වන පවුරකින් වටකළ සෘජුකෝණාස‍්‍රාකර අංගණයක් මධ්‍යයේ අධිෂ්ඨානය ගලින් ද, උපරිභාගය වැලිගලින් ද ඉදිකළ කෝවිල අවට (ප්‍රාකාරයට මායිම් ව) තැනූ කුටි 59කි. එ්වා නැගෙනහිර හා බටහිර දිශාභිමුඛව පමණක් තනා ඇත. (කෝවිල් ෙදාරටුව ද නැගෙනහි දිශාභිමුඛව මිහිටුවා ඇත.) ප්‍රාකාරයේ ඇති ප්‍රවේශද්වාරය අබියස ද ඉහතින් කී ආකාර කුටි 8කි. ගර්භ ගෘහයට අයත් ව, සාම්ප‍්‍රායික ලෙස පුන්කළසක් ද දරා අඩි 50ක් උසට නැගී සිටිනා පිරමීඩාකාර ශිඛර ය. තෙමහල් ව තනා ඇත. ශිඛරය සහිත පියස්සට ගර්භගෘහයට අමතරව එ් වටා ඇති ප්‍රදක්‍ෂිණාපථය ද ආවරණය වී ඇත. ගර්භගෘහය අඩි 6ක් ඝන ශෛලමය බිත්ති සහිතව ඇතුළත එක් පැත්තක් අඩි 9ක් වන පරිදි සමසතරැස්ව පිහිටියේ වෙයි. එහි දකුණු දිගින් පියගැටපෙළකි. ඉහළ මහලින් නිමවෙයි. පිවිසුම් ද්වාරය දෙපස කුඩා ගර්භ දෙකකි. ගර්භගෘහයේ බටහිර, නැගෙනහිර, දකුණු හා උතුරු දිග බිත්තිවලට සබ\ තැනූ පරිවාර කුඩා දෙව්මැදුරු 8ක් ද ඇත. උතුරු හා දකුණු බිත්ති වලට සබඳා ඇත්තේ එක බැගිනි. එහෙත් ඉන් එකක් හෝ උතුරු හා දකුණු දිශාභිමුඛව තනා නැත. බටහිර බිත්තියේ ගර්භ පමණක් බටහිරට මුහුණලා ඇති අතර සෙසු එ්වා නැගෙහිරට මුහුණලා ඇත.

පැරණි නිර්මාණ ශෛලියකට අනුව නිමවූ සමසතරැස් කුලූණු 6ක් මත රැඳුණු පියස්ස සහිත අන්තරාලය දකුණු දිශාභිමුඛ ද්වාරයකින් යුක්තය. අන්තරාලය. 14වන සියවසෙහි කළ එකකැ’යි සිංහල විශ්වකෝෂයේ හිටපු උපකතුතුමකු වන ජිනදාස ලියනරත්න මහත්මා විශ්වාස කරයි. ගර්භගෘහයත් අන්තරාලයත් අතර ඇති මණ්ඩපය අසල නැගෙනහිර දිශාභිමුඛව මහේන්ද්‍රවර්මේශ්වර කෝවිල වෙයි. එය අඩි 5×10 ප්‍රමාණයේ ආයත හැඩාකාරව තනා ඇත්තේ කෝවිල් භූමියට පිවිසෙන ප්‍රධාන ද්වාරය තිබිය යුතු තැනය. කෝණයන්හි හුණු බදාමයෙන් කළ සිංහ රූප සහ අඹරා පියස්ස මත ඇති විශාල කළස් පහ මහේන්ද්‍රවර්මේශ්වර කෝවිලේ විශේෂත්වයකි.

කෛලාසනාථ කෝවිලේ නිර්මිත කලාකෘති පිළිබඳව අවධානය යොමුකිරීම ද වැදගත්ය. ශෛලමය නිර්මාණ වලට අමතරව හුණු බදාම හා ගඩොල් යොදාගෙන ද මෙහි කලාකෘති කරවා ඇත. ගොඩනැගිල්ලේ කෝණ වල හා කුඩා කුලූණු වල ඇති මූර්ති බොහොමයක් නිමවා ඇත්තේ ගඩොලින් හෝ හුණු බදාමයෙනි. උපරිභාග කැටයම් වැලිගලෙන් නිමවා ඇතත් පසුව හුණු පිරියම්කර ඇත. කෝවිල් ගොඩනැගිලි වල ඇති මූර්ති සියල්ලම පාහේ නෙළා ඇත්තේ කෝවිල නිමකළ ගල් මත හෝ බිත්ති මත මිස වෙනත් තැනක නිමවා සවිකිරීමේ ක්‍රමයට නොවේ. විශේෂයෙන් ම ශෛලමය කොටස් මත කළ කැටයම් ගල් කැබලි දෙක තුනකට හෝ ඊට වැඩි ගණනකට පැතිරී ගොස් තිබීමෙන් එ්වා ප්‍රකට වෙයි.

කෛලාසනාථ කෝවිල පල්ලව කලා සම්ප්‍රදායන්ගේ ක්‍රමික විකාශය අධ්‍යනයේ දී ද වැදගත් ය. ප්‍රධාන කෝවිල් භූමිය තුළට පිවිසෙන දවාරය තිබියයුතු තැන මහේන්ද්‍රවරමේශ්වර කෝවිල ඉදිකර තිබීමෙනුත් එහි ස්වභාවය අනුවත් ගෝපුරයක මූලාවස්ථාව මේ යැයි අනුමාන කළ හැක . පල්ලව ශෛලියේ මුඛ්‍ය ලක්‍ෂණයක් වන සිංහරූප සහිත ස්තම්භ කෝවිලේ බොහෝ තැන්වල යොදා ඇත. ඇතැම් තැනෙක සිංහයා මත නැගගත් මනුෂ්‍යයෙකු ද දක්නට ඇත. ගර්භගෘහ ශිඛරය ද ද්‍රවිඩ ශෛලියට ම ආවේණික වූවකි. මේ පිළබඳ පර්යේෂණ කළ පර්සි බ‍්‍රවුන් මහතා කියන්නේ ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පය අධ්‍යනය කරනා කවරෙකු වුව ද පළමුකොට ම වාගේ අධ්‍යනය කළයුතු වන්නේ මේ කෛලාසනාථ කෝවිල බවයි..