කුෂාණ කලා සම්ප්‍රදාය

මහායානික කලා සම්ප්‍රදායකි. නමුත් මේ නමින් හැඳින්වෙන්නේ කුෂාණයින් හඳුන්වාදුන් ගන්ධාර කලා සම්ප්‍රදාය නොවේ. මථුරා කලා සම්ප්‍රදාය නමින් ද හැඳින්වෙන කලා සම්ප්‍රදාය යි. මෙය ස්වදේශීය ඌරුවට අනුව සකස්වුණු කලා සම්ප්‍රදායකි. ගන්ධාර කලා සම්ප්‍රදායේ අඩුපාඩු පිරිමසමින් නිර්මාණය වූ ඉන්දීය ස්වදේශීක කලා ආරකි. මේ පිළිබඳ විග්‍රහ කිරීමට උදාහරණ කිහිපයක් පාදක කරගතයුතු වේ. කත්‍රා හා අභිඡත්‍ර බුද්ධ ප්‍රතිමා පිළිබඳ විමසීම මේ සඳහා හොඳ ම ඇරඹුමක් වනු ඇත.මේ බුද්ධ ප්‍රතාමි දෙක පිළිබඳ විගුහ කිරීමේ දී පෙනී යන මූලික ම ලක්ෂණය නම් ශිල්පියා සමකාලීන ගන්ධාර කලාවේ යම් ආභාසයක් ලබා ඇති බව යි. බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ ඉන්දීය කලාශිල්පීන් තුළ තිබූ බිය හෝ පසුගාමී ගතිය බිඳ දමන්ගේ ග්‍රීක කලාකරුවන් විසිනි. ග්‍රීක කලාකරුවන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නේ ඔවුන්‌ගේ පෞර රාජ්‍යධිගෘහිත සියුස්, ඇපලෝ, ආදී දේව රූප නිර්මාණය පිළිබඳ අත්දැකීම් තුළිනි. මේ නිසා ඒ්වායේ ගැබ්ව පැවතියේ පෙරදිග සම්ප්‍රදායේ එන අධ්‍යාත්ම මූලික ලක්ෂණ නොවේ කාය මූලික ලක්ෂණයනි ය. පුළුල් හනු, පුළුල් උරහිස්, පිරුණු ළය, නිදහස් ඉරියව් ආදිය ඒ්වායේ දැක්යි හැකි වේ. බුද්ධ ප්‍රතිමාවේ හිසකෙස් නිරූපණය කර ඇති ආකාරය ද බුද්ධ ප්‍රතිමා පිළිබඳ මූලික සංකල්පයන්ට ප්‍රතිවිරුද්ධ ය. බුද්ධ දේහලක්ෂණ පිළිබඳ මූලික ඉගැන්වීම් අතර උෂ්නීෂ ලක්ෂණය හඳුන්වන්නේ එය හිසෙයි පිහිටි මාංශමය උන්දමක් වශයෙනි. එනම් මසින් සැකසුණු අංගයක් ලෙසිනි. නමුත් ගන්ධාර ශිල්පියා එය නිරූපණය කරන්නේ හිසකෙසින් සකස්වූවක් වශයෙනි. මථුරා ශිල්පියා ද මේ සංකල්පය හරිහැටි නිරූපණය කිරීමට අසමත් වී ඇත්තේ ඔහුගේ ආධුනික බව නිසා හෝ ගන්ධාර කලාවේ බලපෑන නිසා වියයුතු ය. ඉහතින් දැක්වූ කත්‍රා හා අභිච්ඡත්‍ර ප්‍රතිමා වල මේ ලක්ෂණය අපට හමු වේ. දෙවැනිය මේ ප්‍රතිමා වල ඇති අධ්‍යාත්මික ගුණ නිරූපණය ඉතා ප්‍රාථමිකය. කත්‍රා පිළිමයේ මුහුණේ ඉරියනව් තුළින් පෙනී යන්නේ විස්මිත දේව වාක්‍ය හෝ අනාවැකි පලකරන්නෙකුගේ ස්වභාවයකි. ඒහි පරිවාර දිව්‍ය රූප බුද්ධ රූපයට වඩා අධ්‍යාත්මික ගුණ නිරූපණය කරන බව පෙනී යයි. තව ද බුද්ධ රූපයේ අධ්‍යාත්මික ගුණ හා සමබර කළ යුතු බෝධි වෘක්ෂය වෙනුවට මෙහි දක්වා ඇත්තේ දඟඕාර පත්‍ර සහිත බොධි වෘක්ෂයකි. ආසනයට පහළින් ඇති සිංහ රූප ඇසිරියානු සිංහ රූප සිහිපත්කරවයි. විශේෂයෙන් ම ඒවායේ කේෂර නිරූපණය ඇසිරියානු සම්ප්‍රදායට අතිශය සමීප ය. අභිචත්‍ර ප්‍රතිමාව ඊටත් වඩා ප්‍රාතමික ලක්ෂණ දක්වයි. එහි මුව රැඳි සිනහව දූත් හි ඉරියව් ආදිය තුළ බුද්ධ දේශනාවේ අන්තර්ගතවිය යුතු විශ්වසනීය බවත්, අත්දැකීම් තුළින් දේශනා කරනා බවත් යන ලක්ෂණ ගිළිහී ගොස් තිබේ. බුදුරදුන් හස්තය ළය සමීපයට ගෙන දේශනාකරන ඉරියව්ව තුළ ඇති වාශ්වසනීය බව හා අනන්ත සසරේ සැරිසරා රැස්කළ අත්දැකීම් තුළින් අවබෝධ කරගත් විශ්වසනීය කරුණු ඉදිරිපත්කරනා බව මේ ප්‍රතිමාවල දක්නට නොහැකි ය.පරිවාර දේව රූප සපුරා ම වාගේ ලෞකික අවශ්‍යතා පිණිස හික්මවා ගත් කයක් හා මනසක් සහිත යුරෝපීය සෙබල ඉරියව්වන්ට සමීප ය. අසුන යට සිංහ රූප කත්‍රා රූප වලටත් වඩා ඇසිරියානු ලක්ෂණ වලින් යුතු වේ.  නමුත් මේ ලක්ෂණ ක්‍රමයෙන් අතුරුදන් වී මථුරා ප්‍රතිමා අධ්‍යාත්මික නිරූපණයක් සහිත දියුණු ප්‍රතිමා ගණයට සමීප වී ඇති බව පසුකාලීන ප්‍රතිමා තුළින් පෙනී යයි. ඉහතින් කී ප්‍රතිමා අයත්වන්නේ ක්‍රි.ව.දෙවන ශතකයට පමණ ය.(බෙල්ලන්විල විමලරතන හිමියන්ට අනුව ය.) එම ශතකයේ ම නිර්මිත අභයමුද්‍රාව සහිත හිටි පිළිමය මේ ලක්ෂණ වලින් මිදීමේ මූලික ලක්ෂණ පෙන්වයි. නමුත් ග්‍රීක දේව රූප වල ඇති ටෝගා ස්වරූපයේ සිවුර, ලඹ නොවූ සවන් ආදිය මෙහි දක්නා ලැබෙන ප්‍රාථමික ලක්ෂණ වේ. නමුත් මථුරා කලාව තවදුරටත් වර්ධනය වූ බවක් දැකීම දුෂ්කරය. ඒ් වෙනුවට ඇත්තේ මථුරා ශිල්පියාගේ ගුණ දොස් හොඳින් හැදෑරූ ගුප්ත ශිල්පියාගේ නිර්මාණයන් ය.