අශෝක/අසෝක රජු

ක්‍රි.පූ. 24-232 කාලයේ භාරතයේ විශාල ම  අධිරාජ්‍යය පාලනය කළ අසහාය නායකයා ය. ලොව ශ්‍රේෂ්ටතම පාලකයන් දස දෙනාගෙන් කෙනෙකු ද වේ. චණ්ඩාශෝක නමින් ද පසුව ධර්මාශෝක නමින් ද හඳුන්වා තිබේ. ඔහුගේ ම ශිලාලේඛන වල දෙවන පිය පියදස්නීන් නමින් හඳුන්වා දී තිබේ. බින්දුසාර හා ධර්මා බිසව‌ගේ පුත්‍රයෙකි. රජවීමට පෙර උජ්ජේනියේ යුවරජු වශයෙන් කටයුතු කර ඇත. නමුත් පියාගේ ඇවෑමෙන් ඔහු හා වැඩිමහළු සුසීම කුමරු අතර ඇති වූ සිංහාසන අරගලයේ දී සුසිීම කුමරා මියගිය අතර අශෝක කුමරා බලයට පත්විය. කාලංග යුද්ධය, බුදුදහම වැළඳගැනීම, අශෝක ධර්මය හඳුන්වාදීම, තෙවන ධර්ම සංඝායනාව හා නවරට සසුන් සේවා එතුමාගේ පාලන කාලය හා බැඳී සුවිශේෂී සිදුවීම් වශයෙන් හැඳින්විය හැඳින්විය හැකි වේ.