අල්මසුදි, හුසේන් ඉබන් අලි

අරාබි ඉතිහාසඥයෙකි. සිරියාව, පලස්තීනය, අරාබිය, සැන්සිබාරය, පර්සියාව, මධ්‍ය ආසියාව, ඉන්දියාව, ලංකාව ආදි රටවල සංචාරය කර වැදගත් තොරතුරු රැස්කර  ක්‍රි.ව. 943 දී කාණ්ඩ තිහකින් යුතු කෝෂ ග්‍රන්ථයක් සම්පාදනය කළේ ය. පසුව මේ සියළු කරුණු රැස්කර ක්‍රි.ව. 947 වැන්නේ දී  මුරුජ්-උධ්-ධහබ් වා මාදින් අල්-ජවාහිර් (රන් දෙණී හා මිණි ආර) නමින් එක් කෘතියක් සම්පාදනය කළේ ය.