අල්බිරුනි

අරාබි ලේඛකයෙකි.(ක්‍රි.ව.973-1048) වර්ෂ 40ක් පමණ භාරතයේ විසී ය. ඝස්නියේ තුරුකීන් විසින් ඉන්දියාවට එල්ල කළ ආක්‍රමණය හා ජයග්‍රහණ පිළිබඳව මොහු ‘වංශකථාව’(තරීක් අල් හින්ද්) නමින් කෘතියක් කළේය. සංස්කෘත බස ඉගෙන ගනිමින් ඉන්දීය සංස්කෘතිය පිළිබඳව ඉගෙනීමට ඔහු ගත් උත්සාහය ඔහුගේ කෘතියෙන් පිළිබිඹු වේ. එහෙත් ඉන්දියාවේ දේශපාලන තත්ත්වය පිළිබඳ උනන්දු නොවී ඉන්දීය සාහිත්‍යය හැදෑරීම පමණක් තුළින් සිය කෘතිය නිමවීම නිසා සමබරතාව ගිලිහී ගොස් ඇත.