අර්ජුන

භාරතීය මහා කාව්‍යයක් වන මහා භාරතයේ සඳහන් වන පංච පාණ්ඩවයන්ගෙන් තෙවැන්නා වේ. යුධ වීරයෙකු මෙන් ම දක්ෂ ධනුද්ධරයෙකු ද විය.

හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ හර්ෂ රජු‍ගේ මරණයත් සමග බලවත් වූ අමාත්‍යවරයෙක් ද මේ නමින් හැඳින්‌වේ. චීන වාර්තා අනුව මේ අමාත්‍යයා හර්ෂ රජු අපේක්ෂාවෙන් ඉන්දියාවට ආ චීන තානාපතිවරුන්ට බාධා ඇතිකළෙන් ටිබෙට් හා නේපාල ආධාර ඇතිව ඔහුව අල්ලාගෙන චීනයට රැගෙන ගොස් ඇත.